මැණික් ගල් බවට සැකකරන ගල් කැබලි විශාල ප්‍රමාණයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මැණික් ගල් බවට සැකකරන ගල් කැබලි විශාල ප්‍රමාණයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මැණික් ගල් බවට සැකකරන විවිධ වර්ණයෙන් යුත් ගල් කැබලි විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු සැකපිට ඊයේ (21) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගල් සොරකම් කරන ලද හෝ නිධානයකින් ගන්නා ලද ඒවා බවටයි සැක කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු, අම්බලම්පිටිය, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස 47ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙහිදී විවිධ වර්ණයෙන් යුත් මැණික් ගල් බවට සැකකරන කුඩා ගල් කැබලි අසුරා තිබූ කප් එකක් සොයාගෙන ඇති අතර මෙලෙස අසුරා තිබූ ගල් කැබලිවල බර ග්‍රෑම් 86.32ක්.

මෙලෙස සොයාගත් ගල් කැබලිවල වටිනාමක මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කුරුඳුවත්ත පොලිසිය විසින් මෙහෙයවනවා.

Share This