මාස නවයක් වයසැති දරුවාට වස පෙවූ අම්මා 3 හැවිරිදි දරුවාට ආදරේ බව කියයි

මාස නවයක් වයසැති දරුවාට වස පෙවූ අම්මා 3 හැවිරිදි දරුවාට ආදරේ බව කියයි

තම සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා ගිය අතරතුර දී බිරිය තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර ඇති අතර ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එම බිළිදා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඬන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා

ඒ වන විටත් කෙඳිරි ගාමින් සිටි නව මස් බිළිඳා ඉතා ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යාමට ඇය කටයුතු කර තිබෙන බව සඳහන්

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් එම බිළිඳා මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කර ඇති අතර කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා

මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි මාස නවයක් වයසැති බිළිදෙක්

මව විසින් ලියා තබන ලද ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇති අතර එහි සඳහන්ව ඇත්තේ වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය.

22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මිය ගිය බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි

Share This