මහ මග ගුටිබැට හුවමාරුවක් – PHOTOS

මහ මග ගුටිබැට හුවමාරුවක් – PHOTOS

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතීරුවක් සම්බන්ධයෙන් සොයා බැලීමට (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබී ඇති බව සඳහන්.

ඔවුන් ක්‍රිඩාංගණය අසල රැඳී සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , එම ස්ථානයේ රැඳී සිටි ආධාරකරුවන් පිරිස සමග ඇති වූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ද එම ස්ථානයට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම නාවලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වී ඇති බවද සඳහන්.

Share This