මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කරයි

මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා

ඒ යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඊයේ (20) යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි උත්සවයකදීයි

මෙහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් රටටත්, යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කර දුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් එකිනෙකා සමඟ සුහදව අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා

මෙම අවස්ථාව සඳහා ආසියානු කුසලාන ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්.එම්. තීක්‍ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව – 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ කෝප්‍රල් ටී.ටී. අල්ගම, කෝප්‍රල් කේ.බී.වයි. ද සිල්වා හා කෝප්‍රල් එම්.ඒ.අයි.ජේ. පෙරේරා සහ ආසියානු කායවර්ධන ශූරතාවලිය – 2022 හි ලෝකඩ පදක්කම දිනාගත් කායවර්ධන ක්‍රීඩක කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ ද සහභාගී වුණා

 

Share This