“මහනුවර ඔඩෙසි” සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද සිට

“මහනුවර ඔඩෙසි” සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද සිට

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන “මහනුවර ඔඩෙසි” සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද (01) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කෙරුණා.

මෙම සුඛෝපභෝගී විශේෂ දුම්රිය දළදා මාළිගාව වැඳපුදාගැනීමට හා පේරාදෙණිය උද්භිත උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පහසුව පිණිස ආරම්භ කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

තවද, අනුරාධපුරය වන්දනාමාන කිරීමට යන බැතිමතුන් උදෙසා ද නුදුරේදීම කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළා.

අද සිට සෑම සති අන්තයකම ගමන් ආරම්භ කරන මහනුවර ඔඩෙසි දුම්රිය පෙ.ව. 6.30ට කොළඹින් පිටත්ව පෙ.ව. 9.18 ට මහනුවරට ලඟාවන අතර නැවත ප.ව. 4.50ට මහනුවරින් පිටත්වී ප.ව. 7.40ට කොළඹ කොටුවෙන් ගමනාන්තය සනිටුහන් කිරීමට නියමිතයි.

මෙහි අධි සුඛෝපභෝගී හා වායුසමණය කළ පහසුකම් යටතේ ආසන 44කින් යුතු පළමු පන්තියේ මැදිරි 04ක් සහ ආසන 44කින් යුත් දෙවන පන්තියේ මැදිරි  3ක් තිබෙනවා.

සම්පූර්ණ ආසන ධාරිතාව 308ක් වන අතර දුම්රිය භෝජනාගාරයකින් ද සමන්විතයි.

Share This