මවක් දරු දෙදෙනා සමග වැවකට පනී පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට

මවක් දරු දෙදෙනා සමග වැවකට පනී පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට

මවක්, සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැවට පැන ඇති අතර, එහිදී පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මව සහ පුතා බේරාගෙන ඇති අතර පසුව ඔවුන් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

11 හැවිරිදි පුතාගේ තත්ත්වය බරපතල නොවන අතර, ඔහු තවදුරටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මව මෙලෙස සිය දරුවන් සමග මෙලෙස සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Share This