මල්වෙඩිල්ලක් පුද්ගලයෙකුට මරු කැඳවයි

මල්වෙඩිල්ලක් පුද්ගලයෙකුට මරු කැඳවයි

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ දී මල් වෙඩිල්ලක් පත්තු වීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ එම පුද්ගලයා මල්වෙඩි පත්තු කරමින් සිට ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී මල් වෙඩිල්ලක් පත්තු නොවීම හේතුවෙන් නැවත වරක් ඒ අසලට ගොස් එය යළිත් වරක් දැල්වීමට ඔහු උත්සාහ කර තිබෙනවා.

එහිදී එය පත්තු වී එම පුද්ගලයාගේ හිසේ වැදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙක්.

Share This