මන්ත්‍රී හැසිරීම පාලනය කරන්න රනිල් නීති ඉල්ලයි

මන්ත්‍රී හැසිරීම පාලනය කරන්න රනිල් නීති ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය වැඩි කළ යුතු බව සියලු දෙනා පිළිගන්නා බව කී වික්‍රමසිංහ මහතා පසුගිය දශක කිහිපය තුළම එම ගෞරවය විශාල වශයෙන් බරපතල අර්බුදයකට ලක් වූ බවද සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා ගෞරවය  රැක ගැනීම වැදගත් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් ගෙන ඒම වැදගත් බවත්  මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අදාල ආර්ථික  සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා

Share This