මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෞතුකාගාර විවෘත කෙරේ

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෞතුකාගාර විවෘත කෙරේ

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ අනුව, සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාළ චක්‍රලේඛවලට අනුගතව විවෘත කෙරෙනු ඇති.

ඒ, සමග  ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය, දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය, අභයගිරිය සීගිරිය, මහනුවර, පොළොන්නරුව, කතරගම, යාපහුව, රත්නපුර, මොනරාගල, නාමල් උයන, ත්‍රිකුණාමලය, දඹදෙණිය, රිදී විහාරය, යාපනය, රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර විවෘත කෙරෙන බව එම නිවේදනයේ සඳහන්.

Share This