මද්දකට හසු වී ගසක් මත සිරව සිටි කොටියා මිය යයි

මද්දකට හසු වී ගසක් මත සිරව සිටි කොටියා මිය යයි

මද්දකට හසු වී ගසක් මත සිරව සිටි කඳුකර කොටියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් ඇටවූ මද්දකට ඊයේ (06) රාත්‍රියේ හසුව සිටි කඳුකර කොටියෙකු දිවි ගැලවා ගැනීම සඳහා ගසකට නැග තිබුණා.

හැටන් වනරාජා වතු යායට අයත් සමර්හිල් කොටසේ තේ වත්තේ සැරිසරන වල් ඌරන් සහ කඳුකර කොටියන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් අටවා තිබූ මද්දක කොටියා හසුව තිබුණා

මද්ද ගලවා ගැනීමට කොටියා අසල තිබූ යුකෙලෙප්ස්ටික් ගසක නැග තිබෙනවා

කොටියා බේරාගැනීම සඳහා වනජීවි නිලධාරීන් ගස කපා කොටියා බිමට ගැනීමට උත්සාහ කළද කොටියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

මද්ද අටවා තිබූ කම්බියට උදරය දැඩි ලෙස කැපී යාම නිසා සිදුවූ තුවාල හේතුවෙන් එම මරණය සිදුව ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

Share This