භානුකට අද අවස්ථාව

භානුකට අද අවස්ථාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 38 වන තරගය ලෙස පන්ජාබ් කිංග්ස් සහ චෙන්නායි සූපර් කිංග්ස් අතර තරගය තව ස්වල්ප වේලාවකින් මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මෙවර IPL තරගාවලියේ පන්ජාබ් කණ්ඩායම සහභාගී වූ පළමු තරග 03 සඳහා ක්‍රීඩා කිරීමට භානුකට අවස්ථාව හිමි වූ අතර එහිදී ඉහළ දක්ෂතා දැක්වීමට ඔහුට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ පන්ජාබ් පිළ සමඟ එක්වීමෙන් අනතුරුව ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට භානුකට අවස්ථාව නොලැබී ගියා.

භානුක වෙනුවට කණ්ඩායමට කැඳවූ ජොනී බෙයාර්ස්ටෝ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීමත් සමඟ භානුක යළි කණ්ඩායමට එක්කර ගැනීම සුදුසු යැයි විචාරකයින් මත පළකළා.

කෙසේ වෙතත් අද තරගයේ දී භානුක සහ බෙයාර්ස්ටෝ දෙදෙනාම පන්ජාබ් එකොළොස් දෙනා අතර සිටීම විශේෂත්වයක්.

මීට අමතරව චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ අද තරගය සඳහා එක්වනවා.

Share This