භගවත් ගීතාවේ පළමු සිංහල පරිවර්තනය ඉන්දීය අගමැතිට

භගවත් ගීතාවේ පළමු සිංහල පරිවර්තනය ඉන්දීය අගමැතිට

භගවත් ගීතාවේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පිරිනමා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ දක්වා තිබුණා.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාව ඉන්දු ලංකා සබඳතාවයන්හි තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් මහා සංඝරත්නය සියක් නමක් අද (20) අලුයම මෙරට සිට කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට වැඩම කළ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඒ සමග පිටත්ව ගියා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දැක්ම වන්නේ ජාතීන් හා ජනතාව අතර ඇති මෙම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම බවයි.

Share This