බෝ ගසක් නිවසක් මතට කඩා වැටෙයි – නිවසට දැඩි අලාභ හානි

බෝ ගසක් නිවසක් මතට කඩා වැටෙයි – නිවසට දැඩි අලාභ හානි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයක් සමඟ කොවිලක් අසල පිහිටි විශාල බෝ ගසක් ගැල වී නිවසක් මතට කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

බෝ ගස මෙසේ කඩා වැටි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් වත්තේ පහළ කොටසේදියි .

අද (05) දින පෙරවරු 11 ට පමණ අධික වර්ෂාවත් සමඟ හමා ගිය දැඩි සුළඟින් බෝ ගස කඩා වැටුණු බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටියේ.

ගස කඩා වැටෙන අවස්තාවේ එම නිවසේ පදිංචිකරුවන් නිවසින් බැහැරව සිටි නිසා කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවයි වාර්තා වන්නේ.

Share This