බෝට්ටුවක් පෙරළී 6ක් මරුට :30ක් අතුරුදන්-ටියුනීසියාවේ සිදුවූ ඛේදජනක අනතුර

බෝට්ටුවක් පෙරළී 6ක් මරුට :30ක් අතුරුදන්-ටියුනීසියාවේ සිදුවූ ඛේදජනක අනතුර

ටියුනීසියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් හය දෙනෙකු දියේ ගිලී තවත් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ටියුනීසියානු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක යාත්‍රා මගින් පුද්ගලයින් 34 දෙනෙකු බේරා ගත් බව සඳහන්.

ඊජිප්තුව, සුඩානය සහ මොරොක්කෝව ඇතුළු රටවල් ගණනාවකින් සංක්‍රමණිකයන් 70 දෙනෙකු බෝට්ටුවේ සිට ඇති බවට දිවි ගලවා ගත් අය පවසා තිබෙනවා.

ටියුනීසියානු ආරක්ෂක ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන් ලිබියාවේ සිට පිටත්ව ගොස් යුරෝපයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි බවට සැක පළ කරන බවයි

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) පවසන්නේ පසුගිය වසරේ මුල් මාස නවය තුළ අවම වශයෙන් සංක්‍රමණිකයන් 1,300 ක් උතුරු අප්‍රිකාවේ සිට ඉතාලියට යාමට උත්සාහ කරමින් අතුරුදන් වී හෝ දියේ ගිලී මිය ගොස් ඇති බවයි .

Share This