බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අදාලව 14 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අදාලව 14 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන බොරැල්ල පොලිසිය විසින් සිදුකර ඇති බවත් පසුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම විමර්ශන පවත්වන බවයි.

විද්‍යාත්මක, පරිවේෂණීය, තාක්ෂණික සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහය ලබාගනිමින් පරීක්ෂණ සිදුකරන අතර පරීක්ෂණ තවමත් මූලික අධියරේ පවතින බවයි පොලිස්පත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This