බොරැල්ල දේවස්ථානයේ තැබූ බෝම්බය ලැබුණේ රන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් -අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හෙළිකරන තොරතුරු

බොරැල්ල දේවස්ථානයේ තැබූ බෝම්බය ලැබුණේ රන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් -අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හෙළිකරන තොරතුරු

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට  පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ  විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට දින කීපයකට ඉහතදී  අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න  කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව රන්න ප්‍රදේශයට ඊයේ  (20)  ගිය  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  සැකකරු අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා සඳහන් කළ බවයි එම පුවත්පතේ සඳහන් වන්නේ.

බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා.

අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බොරැල්ල සියලු  සාන්තුවරයන්ගේ දේවස්ථානයට මෙන්ම මීට මාස කිහිපයකට ඉහතදී නාරාහේන්පිට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට බෝම්බ තැබුවේ විශ්‍රාමික වෛද්‍යවරයාගේ උපදෙස් මත බව  අනාවරණය වී තිබෙන බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වී තිබෙන්නේ.

ඒ පිළිබඳ පිළිබඳ  කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විසින්  වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ බව පිළිගත්  බවත්  ඒ අනුව ඔහුට බෝම්බය  ලබා දුන් පුද්ගලයා  පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇති බවයි පැවසෙන්නේ.

තමන් යටතේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ මෙම පුද්ගලයා මාර්ගයෙන් රන්න ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු හඳුනාගත් බවත් ඒ මගින්  බෝම්බ ලබාගත් බවත් වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා විසින් රන්න ප්‍රදේශයේ  දී අත්අඩංගුවට ගත් පුද්ගලයාට බෝම්බ ලබාදීම වෙනුවෙන් වරින් වර  මුදල් ලබාදී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා

සැකකාර වෛද්‍යවරයා ගේ බිරිඳ   කොරෝනා වෛරසය රෝගී තත්ත්වය උත්සන්න වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන අතර එලෙස බිරිඳ මියගිය මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත බවට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා සඳහන් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුට මානසික ව්‍යාකූලතාවයක් ඇතිවී රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්  මෙලෙස කටයුතු කර ඇති බවට  තවදුරටත් අනාවරණය වූ  බවද සඳහන්

හම්බන්තොට රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා  වරාය අධිකාරියේ සේවකයෙකු බවත්  අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකු බවත් වාර්තා වී තිබෙනවා

 

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් සඳහන් වනවා.

Share This