බෙන්තර ගඟ සහ මාදු ගඟ හරහා පාලම් දෙකක්

බෙන්තර ගඟ සහ මාදු ගඟ හරහා පාලම් දෙකක්

ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩසටහන යටතේ බෙන්තර ගඟ හරහා ඉත්තෑපාන සහ හොරවල යාකරමින් ඉදිකිරීමට යෝජිත නව පාලම සහ බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ හරහා ඉදිකිරීමට යෝජිත නව පාලම් ද්විත්වය සඳහා මුල් ගල් තැබීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදු කෙරුණා.

බලපිටිය ප්‍රදේශයේ මාදු ගඟ හරහා ඉදිකිරීමට යෝජිත නව පාලම් දෙක සඳහා වැය කරන මුදල රු.මිලියන 975.9 ක් වනවා.

මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව ( SD&CC ) මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර මාස 24ක් ඇතුලත මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතයි.

බෙන්තර ගඟ හරහා ඉත්තෑපාන සහ හොරවල යාකරමින් ඉදිකිරීමට යෝජිත නව පාලම සඳහා රු.මිලියන 590.7 ක මුදලක් වැය කරන අතර මාස 24ක් ඇතුලත එහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.

Share This