බූස්ටර් එන්නත මුලින්ම ලැබෙන පිරිස

බූස්ටර් එන්නත මුලින්ම ලැබෙන පිරිස

 

සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් සහ ඉදිරිපෙළ අනෙකුත් සේවක කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ගතවූ දිනයේ පුද්ගලයින් 150,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුකර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ පළමු මාත්‍රාව 79,732 දෙනෙකු සඳහාත් දෙවන මාත්‍රාව 72,228 දෙනෙකු සඳහාත් ඊයේ (21) දිනයේ ලබාදී ඇති බවයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ ෆයිසර් එන්නත් මාත්‍රා 76,549ක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙරට එන්නත්කරණය සිදුකර සම්පූර්ණ කර ඇති පිරිස 12,932,536ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

Share This