බුදු දහම සොයා සිරිලකට පැමිණෙන විදේශිකයන්

බුදු දහම සොයා සිරිලකට පැමිණෙන විදේශිකයන්

බුදු දහම හැදෑරීමට සහ භාවනායෝගීව සිටීමට විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.

බණ්ඩාරවෙල – ඇල්ල සංචාරක කලාපයේ කිතල්ඇල්ල රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනයටද මෙවන් පිරිසක් නිරතුරුව පැමිණෙන බවයි රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය මඩවල උපාලි හිමියෝ ප්‍රකාශ කළේ.

ආරාමයට පැමිණෙන ඇතැමුන් ධර්ම සාකච්ඡා සඳහා පැමිණෙන බවත් නේවාසිකව භාවනා විධිවලට අනුගත වන බවත් පුජ්‍ය මඩවල උපාලි හිමියෝ වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ දිනවල ආරණ්‍ය සේනාසනයේ රුසියාව, ජර්මනිය, යුක්‍රේනය, ප්‍රංශය, ඉතාලිය, මැලේසියාව යන රටවලින් පැමිණි පිරිසක් භාවනායෝගීව සිටින බව වාර්තා වනවා.

බෞද්ධ රටක් වන අපේ රටේ බුදු දහම රැක ගැනීමට හා සුරක්ෂිත කර ගැනීමට හා බුදු දහම ලෝකයට බෙදා හැරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ආරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය මඩවල උපාලි හිමියෝ ප්‍රකාශ කළේ.

 

 

Share This