බීමත් තරුණයා හඳුන් දිවියෙකුගෙන් උගත් පාඩම

බීමත් තරුණයා හඳුන් දිවියෙකුගෙන් උගත් පාඩම

හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයායේ වලකට වැටී සිටි හඳුන් දිවියෙකු බේරා ගැනිමට ගිය පුද්ගලයෙකු හඳුන් දිවියාගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් පැය කිහිපයක උත්සහයක ප්‍රතිඵලයක් ලෙස හඳුන් දිවියා නිරුපද්‍රිතව ගොඩ ගැනීමට වන ජීවි නිලධාරීන් සමත් වුණා.

වතුයායේ කපාතිබූ ගැඹුරු වලකට හඳුන් දිවියා වැටී තිබුණ අතර එය දැකබලා ගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.

එම පිරිස අතරින් එක් බීමත් තරුණයෙකු හඳුන් දිවියා බේරා ගැනිමට වලට බැස ඇති අතර එහිදී ඔහු හඳුන් දිවියාගේ ප්‍රහාරයට ලක්ව තිබුණා.

තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගත්තේ.

 

Share This