බ්‍රිතාන්‍යයේ කොවිඩ්  ප්‍රභේදය කොළඹ ඇතුළු ප්‍රදේශ නවයකින් හමුවේ – බියකරු ප්‍රභේද ගැන අද නිකුත් කළ වාර්තාවේ තොරතුරු මෙන්න

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රභේදය කොළඹ ඇතුළු ප්‍රදේශ නවයකින් හමුවේ – බියකරු ප්‍රභේද ගැන අද නිකුත් කළ වාර්තාවේ තොරතුරු මෙන්න

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින් වාර්තා වී තිබෙනවා

එමෙන්ම ඉන්දියාවේ පැතිර ඇති කොරෝනා වෛරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති වෛරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ,මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදුව(මාතර ) ,තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් .

මෙයට අමතරව මෙරටින් මුල සිට හමුවූ වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පිරිසක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන්ද හමුවී ඇතැයි එම විද්‍යායතනය පවසනවා .

නව කොරෝනා වෛරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අසේල ගුණවර්ධන මහතාට  අද (10) පෙරවරුවේ බාරදී තිබෙනවා

මේ පිලිබඳ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේයි .

Our sequencing report as of

B.1.1.7 (alpha/UK variant) was identified from Colombo, Baticola, Trinco, Kuliyaputiya, Wariyapola, Habaraduwa (Matara), Thissamaharama, Karapitiya, Ragama

B.1.617.2 (Indian/delta): quarantine facility

B.1.411 (just one): SL Lineage from Thissamaharama

NHSL Health care workers who were fully vaccinated (2 weeks after the second dose of Covishield): B.1.1.7 (UK/alpha variant). All have recovered

 

Share This