බ්‍රිතාන්‍යයේ සිටි ගුවන් නියමුවන් 30ක් චීනයට

බ්‍රිතාන්‍යයේ සිටි ගුවන් නියමුවන් 30ක් චීනයට

සිය රාජකීය ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමුවන් 30 දෙනෙකු පමණ චීනය විසින් සේවයට බදවා ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනය එලෙස සේවයට බදවා ගත් පිරිස අතර නවීන ප්‍රහාරක ජෙට් යානා පැදවීම සම්බන්ධයෙන් පළපුරුද්ද ලත් ගුවන් නියමුවන් ද වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එම නියමුවන් හරහා චීනය එරට හමුදාවේ ගුවන් නියමුවන් පුහුණුව ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණ කරනවා.

එමගින් යුද්ධයකදී බටහිර රටවල් සිය ප්‍රහාරක යානා මෙහෙයවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිය හමුදාවට අවබෝධය ලැබෙන බවද එය තායිවාන අර්බුදයේදී ප්‍රමුඛ සැලසුමක් බව ද ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍ය පවසන පරිදි චීනය 2019 වසරේ සිට රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් සේවයට බඳවා ගනිමින් සිටිනවා.

පශ්චාත් කොවිඩ් සමයෙන් පසු චීනය සමග එක්වන බ්‍රිතාන්‍යයේ හිටපු ගුවන් නියමුවන්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

Share This