බස් නැතුව ලොරියේ එල්ලී ගිය සිසුන් අනතුරක

බස් නැතුව ලොරියේ එල්ලී ගිය සිසුන් අනතුරක

ඉන්ධන අර්බුදය හමුවේ බස් රථ නොමැතිවීම නිසා ලොරි රථයක නැගී පාසල් ගිය සිසුන් පිරිසක් එම රථයේ තට්ටුව කඩා වැටීම නිසා අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ අනුරාධපුර – ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදීයි.

කහටගස්දිගිලිය – කැකිරාව මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් 10 දෙනෙකු පමණ බිදුණුවැව ග්‍රාමීය රෝහලට ඇතුලත් කර තිබු අතර සිසුන් 03 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම සිද්ධියේ ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

Share This