බත්තරමුල්ල නගරයේ ‘හෝටලයක’ ගණිකා මධ්‍යස්ථානයක් – තලංගමින් වටලන විට මත්ද්‍රව්‍ය තිප්පොළක්

බත්තරමුල්ල නගරයේ ‘හෝටලයක’ ගණිකා මධ්‍යස්ථානයක් – තලංගමින් වටලන විට මත්ද්‍රව්‍ය තිප්පොළක්

නිරෝධායන ඇඳිරි නීතිය අතරේ බත්තරමුල්ල නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් හයදෙනකු සහ පිරිමි පුද්ගලයන් හත් දෙනකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ගැබිනි කාන්තාවන් දෙදෙනකු ද ඒ අතර සිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැටලීම සිදුවන අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති අතර ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් නුගේගොඩ, පිළියන්දල,බිබිල, රාගම, තලවතුගොඩ, අම්බලන්තොට, සහ හල්දුම්මුල්ල යන ප්‍රදේශවල පදිංචි අය වන අතර වයස අවුරුදු 21ත් 49ත් අතර පසුවනවා.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂිණී ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

Share This