බඩ ඉරිඟු ගොවීන්ට කඩිනමින් පොහොර – සහන මිලට බීජ ලබාදීමටත් සූදානම්

බඩ ඉරිඟු ගොවීන්ට කඩිනමින් පොහොර – සහන මිලට බීජ ලබාදීමටත් සූදානම්

මෙවර බඩ ඉරිඟු හෙක්ටයාර් ලක්ෂයක් වගා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය රසායනික සහ කාබනික පොහොර කඩිනමින් ගොවීන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට 5000ක පමණ ගොවීන් පිරිසක් බඩ ඉරිඟු වගාවේ නිරත වන අතර ඔවුන්ට සහන මිලට බීජ ලබාදීමද සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This