පොහොර උරයෙන් හමු වූ කත

පොහොර උරයෙන් හමු වූ කත

පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී සොයා ගෙන තිබෙනවා.

අද (27) පෙරවරුවේ අදාළ සිරුර සොයාගත් බව මහවෙල පොලීසිය සඳහන් කලා

55 හැවිරිදි කාන්තාවක වූ ඇය යළි නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ගම්වාසීන් ඊයේ රාත්‍රියේ සිට ඇය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ අනුව ඇයගේ මළ සිරුර පොහොර උරයක බහා තිබී එම ඉඩමේ වදුලක තිබී ප්‍රදේශවාසීන් සොයා ගෙන තිබුණා.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම ස්ථානයේ තිබී කාන්තාවගේ ඇඳුම් කිහිපයක් ඇතුළු සැකකටයුතු ද්‍රව්‍ය සොයා ගැනීමට හැකී තිබෙනවා.

මෙම කාන්තාව ඊයේ දිනයේ අදාළ ඉඩමට ගමන් කරන අවස්ථාවේ මුණ ගැසුණු බව කියන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා.

Share This