පොලිසියට තග දැමු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදෙස් ගමන් තහනමක්

පොලිසියට තග දැමු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදෙස් ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පසුගිය 02වනදා පස්වරුවේ වඩමාරච්චි පොදු ක්‍රීඩා පිටියේ තරුණ තරුණියන් සමග හමුවකට එක්ව සිටිය දී ඇති වූ උණුසුම් තත්ත්වයක් මතයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වූයේ.

එහිදී යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරීන් ලෙස පවසමින් එම අවස්ථාවට එක්ව තිබූ අතර ඒ සමගයි මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය සහ ඔවුන් අතර අදාළ උණුසුම්කාරී තත්ත්වය උද්ගත වී තිබුණේ.

අනතුරුව අසල විභාග මධ්‍යස්ථානයකට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද ඊට මැදිහත් වුණා.

එසේම පොලිස් නිලධාරීන් සමග මන්ත්‍රීවරයා ඇතිකරගත් මත ගැටුම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් ද පසුගියදා කැඳවනු ලැබුවා.

Share This