පුද්ගලයන් 275කට මරු කැඳවූ දුම්රිය අනතුර ගැන දුම්රිය අමාත්‍යවරයාගේ තීරණය (VIDEO)

පුද්ගලයන් 275කට මරු කැඳවූ දුම්රිය අනතුර ගැන දුම්රිය අමාත්‍යවරයාගේ තීරණය (VIDEO)

පුද්ගලයන් 275 දෙනෙකුට මරු කැඳවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් එරට ඉහළම ආයතනය වන රහස් පරීක්ෂක ඒජන්සිය විසින් විමර්ශනය කළ යුතු බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා.

දුම්රිය අමාත්‍ය Ashwini Vaishnaw මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ වන විටත් දුම්රිය මෙහෙයුම් කටයුතු යළිත් ආරම්භ කර ඇති අතර මූලික වාර්තා පවසන්නේ සංඥා දෝෂයක් අනතුරට හේතු වී ඇති බවයි.

පසුගිය සිකුරාදා(02) රාත්‍රියේ දුම්රිය තුනක් එකිනෙක ගැටීම මෙම සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙසටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

මියගිය සංඛ්‍යාව 275 දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූවන් 1175ක් රෝහල් ගත කර ඇති අතර ඉන් 793ක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් වාර්තා වනවා

තවමත් මගීන් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This