පුටින්ව ආරක්ෂා කරන බවට දකුණු අප්‍රිකාවෙන් පොරොන්දුවක්

පුටින්ව ආරක්ෂා කරන බවට දකුණු අප්‍රිකාවෙන් පොරොන්දුවක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

මේ අතර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබියදීත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රිටෝරියා හි සංචාරය කිරීමට සුදානම් වන අතර එහිදී ඔහුව සාදරයෙන් පිළිගන්නා බව දකුණු අප්‍රිකානු විපක්ෂයේ සුළුතර පක්ෂයක් වන EFF පක්ෂය සඳහන් කර තිබෙනවා.

යුක්‍රේනය ආක්‍රමණය කරමින් එරට දරුවන් පැහැර ගැනීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් පුටින්ට චෝදනා එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල්වලින් සමන්විත අගෝස්තු මාසයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට යාමට නියමිතයි

රුසියාව නිදහස සඳහා වූ අරගලයට සහාය දීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ රටක් වන හෙයින් දකුණු අප්‍රිකාවේ සිටියදී රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කිසිවෙකු කටයුතු නොකරනු ඇති බව EFF නායක ජූලියස් මලේමා ප්‍රකාශ කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් EFF නායකයා සඳහන් කර ඇත්තේ “පුටින්ව සාදරයෙන් පිළිගන්නවා. කවුරුත් පුටින්ව අත්අඩංගුවට ගන්න යන්නේ නැහැ. අවශ්‍ය නම් අපි ගිහින් පුටින්ව එයාගේ රැස්වීම්වලට ගුවන් තොටුපලේ ඉඳන් ගේනවා. එයාගේ රැස්වීම් ඔක්කොම ඉවර කරලා, අපි එයාව ආපහු ගුවන් තොටුපලට එක්කගෙන යනවා. අපි අපේ මිතුරන් දන්නවා. අපිව නිදහස් කළ අය අපි දන්නවා. අපට සහාය දුන් අයත් අපි දන්නවා,” යනුවෙනුයි.

බටහිර රටවල හෙළා දැකීම් නොතකා දකුණු අප්‍රිකාව මොස්කව් සමග සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකානු නාවික හමුදාව දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් රුසියානු හමුදා සමග ඒකාබද්ධ අභ්‍යාසයක් ද පවත්වා තිබෙනවා

Share This