පෑලියගොඩ පළතුරු වෙළඳපොලේ කුණු කඳු ගොඩ ගැසේ – සෞඛ්‍යයටත් තර්ජනයක්

පෑලියගොඩ පළතුරු වෙළඳපොලේ කුණු කඳු ගොඩ ගැසේ – සෞඛ්‍යයටත් තර්ජනයක්

පෑලියගොඩ පළතුරු වෙළඳපොලේ ඉතිරි පළතුරු සහ කැළිකසල මාස දෙකකට ආසන්න කාලයකින් ඉවත් නොකිරීම නිසා එම පරිශ්‍රය තුළ කුණු කඳු ගොඩගැසී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක වාර්තාවක් උපුටා දක්වමින් ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනේ සඳහන් කෙරුණා.

එම පරිශ්‍රය තුළ ගොඩගැසී ඇති කුණු කඳු හේතුවෙන් දැඩි දුගඳක් හමන බවත් මෙම තත්ත්වය වෙළෙදුන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසගේම සෞඛ්‍යයට තර්ජනයක් බවත් ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින් කළ සොයා බැලීමේදී හෙළිදරව් වුණා.

කොළඹ මහ නගර සභාවට කුණු රැගෙන යෑම සඳහා ට්‍රැක්ටර්වලට ඉන්ධන නොමැති වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවටද එහිදී සඳහන් කෙරුණ අතර මදුරුවන් බෝ වීමේ දැඩි ප්‍රවණතාවයක්ද ඇති බවයි එහි ගිය ස්වර්ණවාහිනී වාර්තාකරු සඳහන් කළේ.

Share This