පැය 5ක් තුළ මෙරටින් පිටව ගිය ඇමරිකානු ජාතිකයාගේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ

පැය 5ක් තුළ මෙරටින් පිටව ගිය ඇමරිකානු ජාතිකයාගේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ

මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන යක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා

මෙම සංචාරකයා පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ

ඇමෙරිකානු ජාතිකයෙක් වන මෙම සංචාරකයා ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු විසින් සමාජ මාධ්‍ය වල දක්වා තිබෙන අතර ඔහු එහි දි සඳහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලයක් තුළ ආපසු ගිය බවයි.

මේ සිදුවීම පිළිබඳව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියට උපදෙස් දි ඇත්තේ මේ පිළිබද පුළුල් විමර්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This