පැය 2යි විනාඩි 20ක් විදුලිය කපනවා – ජනතාව, අපි අවසර දුන්නේ පැයයි විනාඩි 20කට – කොමිසම

පැය 2යි විනාඩි 20ක් විදුලිය කපනවා – ජනතාව, අපි අවසර දුන්නේ පැයයි විනාඩි 20කට – කොමිසම

පැය 2යි විනාඩි 20ක් විදුලිය විසන්දි කිරීම සඳහා අවසර ලබා දීමක් සිදු කර නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ විදුලිබල මණ්ඩලය විසින් පැහැදිලි හේතු නොදක්වා සිදුකරන ලද පැය 2යි විනඩි 20ක විදුලි කප්පාදු ඉල්ලීමට කොමිසම මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බවයි.

ඒ අනුව අවසර ලබා දී ඇත්තේ පැයයි විනාඩි 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට පමණක් බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ බොහෝ ප්‍රදේශවලට පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්දි කරන බවයි.

Share This