පැයෙන් අවසන් වූ අගමැතිකම

පැයෙන් අවසන් වූ අගමැතිකම

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වන මැග්ඩලීනා ඇන්ඩර්සන් පත්වීමෙන් පැයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවට ඇය ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් .

ඉදිරියේ දී තමන් තනි පක්ෂයක් මඟින් ඉදිරිපත් වී අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මැග්ඩලීනා ඇන්ඩර්සන් ප්‍රකාශ කර තිබෙනවා.

මීළඟ පියවර සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්චා කරන බවයි ස්වීඩන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කළේ.

උප්සලා විශ්ව විද්‍යාලයේ හිටපු කනිෂ්ඨ පිහිනුම් ශූරියක වූ ඇය 1996 දී එවකට අගමැති ගෝරාන් පර්සන්ගේ දේශපාලන උපදේශකවරියක් ලෙස සිය දේශපාලන ජීවිතය ආරම්භ කළා.

ඇය මුදල් ඇමතිවරයා ලෙසද ඇය වසර හතක් සේවය කළා.

Share This