පාස්පෝට් පෝලිමේ රැඳී සිටි මව බිහි කළ දරුවා

පාස්පෝට් පෝලිමේ රැඳී සිටි මව බිහි කළ දරුවා

අද (07) බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ පාස්පෝට් පෝලිමේ රැඳී සිටි ගැබිනි කාන්තාවකට දරු ප්‍රසූතියක් සිදුව තිබෙන බව වාර්තා වනවා

පෝලිමේ දී රැඳී සිටි මෙම කාන්තාව ප්‍රසූත වේදනාවෙන් සිටිනු දැක යුද හමුදා සෙබළුන් විසින් ඇයව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා

රෝහලට ඇතුළත් කරන විට ඇය දරුවා ප්‍රසූත කර සිටි බවයි වාර්තා වන්නේ

මේ වනවිට දරුවා සහ මව සුවෙන් සිටින බව වාර්තා වන අතර ඇය හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.

Share This