පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිගමන මෙන්න

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිගමන මෙන්න

පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහි අන්තර්ගත නිගමන අනුව,

30 පරිච්ඡේදය 08 වන නිගමනය.

රිෂාත් බදියුදීන් මහතා සම්බන්ධයෙන් 22 වන පරිච්ඡේදයේ දක්වා ඇති තඹ කර්මාන්ත ශාලාවට අදාල කරුණු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණය කිරීමේ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු කාරණයක් බව කොමිෂන් සභාව හදුනා ගනී.

 

30 පරිච්ඡේදය – 06 වන නිගමනය.

2021 අපේ‍්‍රල් 21 වන දින සිදුවීම සදහා මූලිකව හේතුවන්නේ වහබ් දෘෂ්ටිවාදය සහ තවුහිද් කණ්ඩායම් ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් SLJI සහ ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලා ම් ශිෂ්‍ය ව්‍යාපාරය SLJISM වැනි කණ්ඩායම්ද – ජාත්‍යන්තරව අයි.එස් සංවිධානයේ කි‍්‍රයාකාරකම් සහ දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල කි‍්‍රයාකාරකම් මෙම සිදුවීම සදහා දායක වූ බව පරීක්ෂණ කොමිසන් සභාව නිගමනය කරයි.

 

 

 

 

Share This