පාසල් සිසුවියන්ගේ ‘කොණ්ඩ කපා ගන්නා අයෙක්’ හසුවේ (VIDEO )

පාසල් සිසුවියන්ගේ ‘කොණ්ඩ කපා ගන්නා අයෙක්’ හසුවේ (VIDEO )

බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවල සැරිසරමින් පාසල් සිසුවියන්ගේ කොණ්ඩ කපා ගන්නා පුද්ගලයකු පිළිබඳව එම ප්‍රදේශයේ පාසල් දැරියන් අතර බියක් හටගෙන තිබුණා.

ඒ අනුව අදාළ පුද්ගලයා පිළිබඳ පොලීසිය සහ මව්පියන් විමසිල්ලෙන් පසුවූ අතර බණ්ඩාරවෙල සිට හීල්ඔය දක්වා ධාවනය වූ බස් රථයක සිටි සිසුවියකගේ කොණ්ඩය කපා ගැනීමට උත්සාහ දැරීමේදී අදාළ පුද්ගලයා අල්ලා ගැනීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.

පසුව සැකකරු බණ්ඩාරවෙල පොලීසිය වෙත භාරදීමට කටයුතු කළා.

සැකකරු සතුව තිබූ ගමන් මල්ලක් පරීක‍ෂා කිරීමේදී එහි තිබී පාසල් සිසුවියන් කිහිප දෙනෙකුගේ කොණ්ඩ සොයා ගැනීමට හැකිව තිඛෙනවා.

33 හැවිරිදි සැකකරු ඌවපරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට අනාවරණය වී තිඛෙනවා.

Share This