පාසල් නිල ඇඳුම් බෙදාහැරීම අද සිට ඇරඹෙයි (PHOTOS)

පාසල් නිල ඇඳුම් බෙදාහැරීම අද සිට ඇරඹෙයි (PHOTOS)

2023 අධ්‍යයන වර්ෂය සඳහා සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවය සපුරාලමින් පාසල් නිල ඇඳුම් සිසුන් වෙත බෙදාහැරීම අද (23) ආරම්භ කර තිබෙනවා.

එහි සමාරම්භක වැඩසටහන සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට මීට පෙර එකඟතාවය පළ කර තිබූ චීන රජය එම ප්‍රදානය 70% දක්වා වැඩි කර ඇති බවයි.

පාසල් නිල ඇඳුම් බෙදාහැරීමේ දී සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පළමුව අගනුවරින් දුරබැහැර උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත් සඳහා බෙදාහැරීමට නියමිතයි.

උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ද එහිදී අදහස් පල කළ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවයක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් දැනටමත් ඔවුන්ට ලබාදෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බවයි.

ලබන සඳුදා වන විට එහි චක්‍රලේඛය නිකුත් කිරීමට ද කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

 

Share This