පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද රැස්වේ

අද ( 06) දිනයේ පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වනවා

ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් ගුවන් සේවා පනත යටතේ අංක 2303/18 සහ 2304/46 දරන ගැසට් පත්‍රවල පළකළ නියෝග, වෙළද නැව් පනත යටතේ අංක 2261/49, 2261/50, 2261/51 ඇතුළු ගැසට් පත්‍රවල සදහන් නියෝග 13 ක්, නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ 2287/24 ගැසට් පත්‍රයේ සදහන් නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය සඳහන් කරනවා

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙනු ඇති

ජූනි 7 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන “කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබද සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටයි තීරණය වී තිබෙන්නේ

ජූනි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග, (351 අධිකාරය වූ) ආගමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමටද එකඟත්වය පළවී තිබෙනවා

Share This