පාර්ලිමේන්තුවට සහ මාධ්‍යයෙන් පමණක් ඩීසල් දෙන හැටි (VIDEO )

පාර්ලිමේන්තුවට සහ මාධ්‍යයෙන් පමණක් ඩීසල් දෙන හැටි (VIDEO )

පුද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් සකසා ඇති බවට කරන ප්‍රකාශ පාර්ලිමේන්තුවට සහ මාධ්‍යට පමණක් සීමා වී ඇති බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (09) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් සඳහන් කළා.

නිසි වැඩපිළිවෙලක් සකසා ඉන්ධන ලබාදීම කළ යුතු බවත් එසේ කළහොත් කාර්යාල සේවා සහ පාසල් දරුවන් ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මුල් තැන ලබාදිය හැකි බවත් ඔහු එහිදී කියා සිටියා.

කුලියාපිටිය ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙක් තමන්ට කතා කර දින හතක් පෝලිමේ සිටියත් තවමත් ඉන්ධන නොලැබුණු බව තමන්ට කියා සිටි බවයි ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.

Share This