පාකිස්ථාන් බීට්රූට් හොර රහසේ දඹුල්ලට (වීඩියෝ)

පාකිස්ථාන් බීට්රූට් හොර රහසේ දඹුල්ලට (වීඩියෝ)

පාකිස්ථානයෙන් බීට්රූට් ආනයනය කළ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ අලෙවි කළ බවට වෙළෙඳුන් කරන චෝදනාව සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ආනයන අපනයන පාලකවරයාගෙන් කරුණු විමසීමට ද අපේක‍ෂා කරන බවයි ඒ මහතා පැවසුවේ.

මෙරට වෙළෙඳපොළේ අලෙවිය සඳහා බීට්රූට් ඇතුළු එළවළු වර්ග ආනයනයට අවසර හිමිවන්නේ නැහැ.

එහෙත් අර්තාපල් ආනයනය කිරීමට ලබාදී ඇති අවසරයට මුවාවී බහාලුම් තුළ අර්තාපල් අතර සඟවා බීට්රූට් මෙරටට ආනයනය කර ඇති බවට දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ වෙළෙඳුන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ලේ ශීතාගාර තුළ සඟවා නුවරඑළියෙන් ගෙන්වූ බීට්රූට් බව කියමින් මෙම බීට්රූට් පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ දී අලෙවි කර ඇති බවයි.

දේශීය බීට්රූට් කිලෝවක මිල රුපියල් 300කට වඩා වැඩියෙන් මිල නියමව තිබිය දී පාකිස්ථානයෙන් ගෙන් වූ බව කියන බීට්රූට් අලෙවිකර තිඛෙන්නේ රුපියල් 220ක් 280ත් අතර මිලකටයි.

Share This