පාකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

පාකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

පාකිස්ථානයේ දී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ද සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකු ලෙස එරට සේවය කළ ප්‍රියන්ත කුමාර සියල්කොට් නුවර දී ඝාතනය කර සිරුර පුළුස්සා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදී මත දරන්නන් විසින් බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම අපරාධයට එරට තහනමට ලක් කළ සංවිධානයක් වන ටී.එල්.පී. හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්ථාන් වෙත චෝදනා එල්ලවන අතර, එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සිද්ධියට තම සංවිධානයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

ප්‍රියන්ත කුමාර මෙලෙස ඝාතනයට ලක් කර ඇත්තේ, ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා නඟමින් බව තහවුරු වී තිබෙනවා.

Share This