ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම, දැවැන්ත චිත්‍රපට ද්විත්වයක් සැවෝයි සිනමාහල්වලදී

ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්ම, දැවැන්ත චිත්‍රපට ද්විත්වයක් සැවෝයි සිනමාහල්වලදී

බෙන් හෝල්ඩිංග්ස් සමාගම සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්‍රපට බෙදාහරින්නන්ගේ සන්නාමයක් වන EAP Films & Theaters විසින් මේ සතියේ ආකර්ශනීය චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ , ඔක්තෝබර් මස 22 දා මහජනතාවට විවෘත වූ සැවෝයි සිනමා ශාලා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනු ලබනවා.

සෑම ප්‍රදර්ශනයකින්ම පසු සිනමා ශාලා පරිශ්‍රය විෂබිජහරණය කිරීම මෙන්ම , උෂ්ණත්ව පරීක්ෂාව, දුරස්ථභාවය පවත්වාගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කර සිදු කරනු ලබයි.

සියලු ප්‍රේක්ෂකයින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි.

සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය සහ රචනය කරන ලද “නිහඬ සෙවණලි” චිත්‍රපටය (HORROR MOVIE ) මෙම මස 11 වන දින සිට සැවෝයි සිනමාහල්වලදී ප්‍රේක්ෂක ඔබට රසවිඳිය හැකියි.

එමෙන්ම, BOX OFFICE වාර්තා බිඳ හෙලූ , Akshay Kumar, Katrina Kaif, Ajay Devgan සහ Ranveer Singh රංගනයෙන් දායකත්වය දක්වන , ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සිනමා පටයක් වූ “Sooryawanshi” ක්‍රියාදාම චිත්‍රපටයද ප්‍රේක්ෂක ඔබේ රස වින්දනය උදෙසා නොවැම්බර් 12 වැනිදා සිට තිරගත වීමට නියමිතයි.

අති නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් , ප්‍රේක්ෂක ඔබට විශ්මිත සිනමා අත්දැකීමක් හිමි කර දීම උදෙසා කැපවුණු සැවෝයි සිනමා ජාලය මෙම දැවැන්ත චිත්‍රපට රස විඳීමට ප්‍රේක්ෂක ඔබට ආරාධනා කර සිටිනවා.

Share This