ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු , සංවර්ධන නිළධාරිණියකට පහරදීමේ උත්සාහයක

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු , සංවර්ධන නිළධාරිණියකට පහරදීමේ උත්සාහයක

රුසියානු යුරල්ස් වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් පළමු නෞකාව කොළඹ වරාය වෙත ලඟා වී ඇත්තේ ඊයේ (13) රාත්‍රියේදීයි.

ඒ අනුව අදාල නෞකාවේ සාම්පල පරික්ෂාවන් මේ වන විට සිදු කෙරෙනවා.

එම සාම්පල පරික්ෂාවන් අද(14) දිනය තුල අවසන් කොට නෞකාවේ අඩංගු බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එසේම එම වර්ගයේම තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120000ක් අඩංගු නෞකාවක් ලබන 23 – 29 යන දින අතර කාලයේ මෙරටට ලඟා වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (13) මෙරටට ලඟා වූ බොරතෙල් තොගයේ පිරිපහදු කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.

මේ අතර අද(14) මධ්‍යම රාත්‍රියේ සිට QR කේත ක්‍රමය යටතේ ලබා දෙන ඉන්ධන කෝඨාව යාවත්කාලීන වීම සිදු කෙරෙනවා.
සෑම ඉරිදාවකම මධ්‍යම රාත්‍රියේ ඉන්ධන කෝඨාව යාවත්කාලින වීම සිදු වනවා.

පසුගිය සතියේ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රගති සමාලොචන රැස්වීමක් ඊයේ කොලොන්නාව ඛණිජතෙල් බෙදාහැරීමේ පර්යන්තයේදී පැවැත් වුනේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

පසුගිය සතියේ QR කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් දත්ත පරික්ෂා කිරීම සහ ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙනවා.

එසේම QR ඉන්ධන ක්‍රමවේදයට බැහැරව ඉන්ධන නිකුත් කිරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් නිළධාරීන් වෙත ලබා දී ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ අතර ඊයේ දිනයේ පොලීසිය විසින් සිදු කල වැටලීම් දෙකකින් ඩීසල් ලීටර 1990ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකින් ඩීසල් ලීටර් 400ක් සමඟ සැකකරුවෙකු අත්අංඩංගුවට ගෙන ඇති අතර පුදුකුඩුඉරිප්පු කිරණමඩු ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී ඩීසල් ලීටර 1590ක් සමඟ තවත් සැකකරැවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පිරවුම්හලක QR කේත පරික්ෂා කරමින් සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සංවර්ධන නිළධාරිනියකට දිවුලපිටිය ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් පහර දීමට උත්සහ කර තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීමට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ සංවර්ධන නිළධාරිණිය අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවයි පල්ලෙවෙල පොලිසිය සඳහන් කරන්නේ.

Share This