ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් දැයෙන් සමු ගනී

ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් දැයෙන් සමු ගනී

ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ ඒ මහතා  අභාවප්‍රාප්ත වන විට 86වැනි වියේ පසු වුණා.

කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ඒ මහතා, ජනාදරය දිනූ නවකතා 68 ක් සහ තවත් කෘතීන් ගණනාවක් පමණ රචනා කරනු ලැබුවා.

‘ආදර ගඟ ගලන දෑස’ ඔහුගේ ප්‍රථම නවකතාව ය.

‘සිත්තරෙකුට පෙම් බැඳ’, ‘දෙමස්සිනෝ’, ‘මිහිඳුම් සළු’, ‘රන තිසරු’, ‘නොමැරෙන මිනිස්සු’, ‘සොල්දර ගෙදර’, ‘අග මෙහෙසිය’, ‘කුමාරිහාමි’, ‘වක්කලම’, ‘පටලැවිල්ල’, ‘වජිරපාණි’, ‘රූමතිය’, ‘බකිනි මල’, ‘රන් තරුව’, ‘පංචකල්‍යාණි’, ‘සුන්දර සහ දේවින්ද’, ‘පිනි පලස’, ‘ස්වරණ වර්ණ’, ‘උරචක්‍රමාලය’, යන කෘතීන් ඔහු විසින් රචනා කළ කෘතීන් අතර වනවා.

“කුමාරි හාමි”නව කතාව සඳහා 1984 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවූ අතර කුමාරි හාමි ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවයි.

නොමැරෙන මිනිස්සු,කස්තිරස, නිකිණි වැස්ස , දහස්ගව්දුර(සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ ඔහුගේ නවකතාවන්ය.

1936 වසරේ මාර්තු මස 20 වැනිදා ඔහු උපත ලැබූ ඔහු කලුතර රජයේ පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු බෝඹුවල බෞද්ධ මිශ්‍ර පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කලුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත්ව තිබෙනවා.

 

Share This