ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට අදහස් දෙන්න ඔබටත් පුළුවන්

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට අදහස් දෙන්න ඔබටත් පුළුවන්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා අදහස් හා යෝජනා ලබා දීමට හැකියාව පවතින බව අධිකරණ අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අදහස් යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා හා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට වේලාවක් වෙන් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඔබගේ සහභාගිත්වය පිළිබදව 2023 ජුනි මස 12 වන දිනට පෙර පහත සදහන් කර ඇති විද්‍යුත් ලිපිනයට හෝ ෆැක්ස් අංකයට දන්වා එවන ලෙසයි එම අමාත්‍යංශය පවසන්නේ.

අදහස් හා යෝජනා ලබා දුන් පිරිසට මෙම මස 14, 15 සහ 16 යන තෙදින තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවනවා.

විද්‍යුත් ලිපිනය [email protected]
ෆැක්ස් අංකය – 0112470822

Share This