ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කිසිවෙකුත් ආරක්ෂා කල නොහැකියි – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කිසිවෙකුත් ආරක්ෂා කල නොහැකියි – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

මානව හිමිකම් යනුවෙන් ප්‍රකාශ කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ රට අරාජික කිරීමට ඉඩ දීම සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කිසිවෙකුත් ආරක්ෂා කල නොහැකි බවයි.

එමෙන්ම අරාජිකත්වය සහ ප්‍රචණ්ඩත්වය මානව හිමිකම්වලට සම්පූර්ණ පටහැනි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙරට තුළ වියවුල් තත්ත්වයක් ඇති කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන අතර නීතිය යටතේ අවශ්‍ය ඕනෙම දෙයක් සිදු කළ හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

Share This