පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ අනුව 341ක් වන සමස්ත පළාත් පාලන ආයතනවලින් ප්‍රමාද වී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් නිල කාලය තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම මහ නගර සභාවල බලය නාගරික කොමසාරිස්වරුන් යටතටත් නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පරිපාලනය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරෙනු ඇති.

මීට අමතරව ධූර කාලය අවසන් වීමෙන් පසු සියලු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් අදාළ නිලධාරීන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපල නැවත රජයට භාර දිය යුතු බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ.

Share This