පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ ‘අභාවය සම්බන්ධයෙන්’ සොව පළ කෙරේ

පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ ‘අභාවය සම්බන්ධයෙන්’ සොව පළ කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය සම්බන්ධයෙන් සංවේගයට පත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවිඩය මගින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා ගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේදී බන්දුල වර්ණපුර මහතා සිය කණ්ඩායම වෙනුවෙන් විශාල සහායක් ලබා දුන් බවයි.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ද ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ වියෝව පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සොව පල කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩය සහ ක්‍රීඩකයන් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සොව පල කර තිබු අයුරු පහතින් දැකගත හැකියි.

Share This