පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (වීඩියෝ)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (වීඩියෝ)

2021 වසරේ පැවැත්වීමට තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

විභාගය අද (22) පෙරවරු 9.30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද පැවැත්වෙන විභාගය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මීට පෙර දැනුම් දෙනු ලැබුවා.

සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය ඉරිදා දිනවල පැවැත්වුවත් මෙවර විභාගය පවත්වන්නේ සෙනසුරාදා දිනක වීම විශේෂත්වයක්.

මේ අතර, අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් අදාළ විභාග මධ්‍යස්ථානවලදී විභාග පෙරහුරු කිහිපයක් පසුගිය දිනවල පැවැත්වුණා.

Share This