පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට කොවිඩ්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට කොවිඩ්

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 200 කට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් එම සේවාවේ කටයුතු අඩාලවීමට ඉඩනොදී අනෙකුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඉතා විශාල කැපකිරීමක් කරන බවද ඇය සඳහන් කර තිබුණා.

අවදානම නොතකා දිනපතා මෙම සේවාවේ නිරත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දිරි දීමනාවක් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කටයුතු කර නැතැයි ද ඇය සඳහන් කර සිටිනවා.

Share This